Home දේශිය පුවත් වෛද්‍යවරියකට වූ අහස පොළොව නුහුලන ඛේදවාචකයෙන් අනුරාධපුරම කැළඹෙයි. සැකකරු හමුදාවෙන් පැන ගිය...

වෛද්‍යවරියකට වූ අහස පොළොව නුහුලන ඛේදවාචකයෙන් අනුරාධපුරම කැළඹෙයි. සැකකරු හමුදාවෙන් පැන ගිය කෙනෙක්..

0
213

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබේ.

ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරන අතර ඒ පිළිබඳ ගරු ඇමති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ සිද්ධියට අදාල පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බවයි.

Previous articleදෙයියනේ මෙහෙමත් අම්මලා… මව විසින් ලිඳට විසි කර දමා ගිය අවුරුදු තුනේ දියණිය බේරාගත් පුංචි වීරයෝ දෙන්නා…
Next articleජැක්සන් පවුලේ අලුත්ම සාමාජිකයා, කෛලාෂ් මහේශාක්‍ය හීනටිගල, මේ නම හැදුන හැටි දන්නවාද ?
error: Content is protected !!
Verified by MonsterInsights