ප්‍රවීණ කලාකරු විජය කුමාරතුංගයණ්ගේ 37 වෙනි ගුණ සමරුව…

0
170

ප්‍රවීණ කලාකරුවකු සහ කෘතහස්ත දේශපාලනඥයකු වූ විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණානුස්මරණය සිහිකරමින් මහරගම පමුණුව සුචරිතෝදයේ ළමා නිවාසයේ නේවාසික දූ දරුවන් සඳහා දහවල් ආහාරය හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු නාගරික මන්ත්‍රීනි ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය ද සහභාගි වූවාය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිටපු ජනාධිපතිනිය ළමා නිවාසයේ දරුවන් වෙනුවන් එම පරිත්‍යාග සිදු කළ අයුරුයි.

තුෂාර අතපත්තු

Previous articleවිනු උදානි එයාගේ ආදරණීය සැමියා එක්ක කරපු ලස්සනම ලස්සන ෆොටෝෂූට් එකක් මෙන්න
Next articleඅපි ජනප්‍රිය වුනේ ඇඟ පෙන්නලා නෙමෙයි. – උපේක්ෂා ස්වර්ණමාලි –