නැන්දම්මාගේ කොහු පහරින් බෑනාට සිදූ වූ දේ.. දත් තුනකුත් බඩේ…

0
196

 

කරාඩුගල පොලිස් වසමට අයත් නිල්ගල හෑකොලොන්දෙණිය ප්‍රදේශයේදී තම බෑණාට දත් තුනක් කැඩෙන සේ කොස්සකින් පහරදී බරපතළ තුවාල සිදුකළ නැන්දම්මා කරාඩුගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

රිදීමාලියද්ද හෙවන්වත්ත පෙතියාගොඩ පදිංචි කේ.එම් සරත් කුමාර යන අයගේ බිරිඳ මීට වසර තුනකට පමණ පෙර ඔහු සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇයගේ මවගේ නිවසට ගොස් තිබෙනවා.

සැමියා වන පැමිණිලිකරු රිදීමාලියද්ද පොලීසියට පැමිණිලිකිරීමෙන් පසුව මසකට වරක් දරුවන් දෙදෙනා බැලීමට ඔහුට නැන්දම්මාගේ නිවසට යාමට අවසර දී තිබෙනවා.

2024/11/31 වෙනි දින ඔහු නැන්දම්මාගේ නිවසට ගිය අවස්ථාවේදී “ඇයි තෝ ආවේ තොට මෙහේ ගෑණුත් නෑ දරුවොත් නෑ” යනුවෙන් බැණ වැදී කොස්සකින් මුහුණට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් බෑණාගේ දත් තුනක් කැඩී බරපතළ තුවාල ලබා ඇති අතර බිබිල මූලික රෝහලේ ප්‍රථිකාර ලබා සුවවීමෙන් පසුව පිටව ගොස් තිබෙනවා.

වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධයෙන් 48 හැවිරිදි නැන්දම්මා අට වෙනිදා පොලීසියට මඟින් අත්අඩංගුවටගෙන බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.

Previous articleඔබේ උපන් ලපයෙන් කියවෙන දේ දැන ගන්නේ මෙහෙමයි..
Next articleමගේ ප්‍රේමයටත් මන් ආදරෙයි..මට ලැබුණු මේ ලස්සන ජීවිතයටත් මං හුඟක් ආදරෙයි..