“වතුර බැස්සට පස්සේ මම ඇවිත් බලනකොට ඇණයක්වත් ඉතුරු වෙලා තිබුණෙ නැහැ…ආපු වතුර පාරේ සැරකමට සේප්පු දෙකම ගහගෙන ගිහිල්ලා.” අහම්බෙන් හමු වූ රන් බඩු සේප්පුව…

0
19

“මා ඔය පිටාර ගැලීමත් සමග ගිරිඋල්ල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා.

මගේ රන්භාණ්ඩ වෙළඳසැල ඇතුළු වෙළඳසැල් විශාල ප්‍රමාණයක් ගං වතුරට හසුවුණා. වෙළඳසැලේ තිබුන ඇනයක්වත් ඉතුරු වුණේ නෑ. සේප්පු දෙකත් වතුරට ගහගෙන ගිහිල්ලා. වතුර බැස ගියාට පසුව එක සේප්පුවක් වාසනාවට වගේ රන් භාණ්ඩ සමඟ මට ලැබුණා” යැයි රන් රන්භාණ්ඩ වෙළදසල් හිමිකරුවෙකු වන ලලිත් නව රත්න පවසනවා.

ඉකුත් 28 දින පැවති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයේ වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදු වුණා.

”මගේ රන් භාණ්ඩ වෙළඳසලේ කිලෝ 500 ක් බර හා කිලෝ 1000 ක් බර සේප්පු දෙකක් තිබුණා. ජලය වැඩිවෙනවාත් සමග රන් භාණ්ඩ සියල්ල ඒ සේප්පු දෙකට දැම්මා. ආපු වතුර පාරේ සැරකමට සේප්පු දෙකම ගහගෙන ගිහිල්ලා.වතුර බැස ගියාට පසුව මම ඇවිත් වෙළඳසැලේ තිබුන භාණ්ඩ පිළිබඳව සොයා බැලුවා.

වෙළඳ සැල ඇතුළේ ඇනයක්වත් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. රුපියල් ලක්ෂ 25 ක් විතර වටින උපකරණ ඇතුළු භාණ්ඩ සේරම වතුරේ ගහගෙන ගිහිල්ලා. මා ඔය ආසන්නයේ ඇති සෙලාන් බැංකුව පිටුපස පස් කන්ඩියට හිරවෙලා සේප්පු දෙක තිබුණා.

පොඩි සේප්පුවේ දොර ඇරිලා ඒකෙ තිබුන රුපියල් ලක්ෂ 15 ක් විතර වටිනා රන් භාණ්ඩ, මැණික් ගල්, රිදී භාණ්ඩ වතුරේ ගහගෙන ගිහිල්ලා. ලොකු සේප්පුවේ දොර ඇරිලා නෑ. ඒකෙ තිබුන රුපියල් ලක්ෂ 15 ක් පමණ වටින රන් භාණ්ඩ සමග සේප්පුව ලැබුණා.

මම හිතන්නේ ඒකත් ලොකු දෙයක්. ව්‍යාපාරයේ තිබුණ සියලු දේවල් මා ඔයට බිලි වුණ මට සේප්පුවේ තිබුන රත්තරන් බඩු ටික හරි ලැබුන එකත් ලොකු අස්වැසිල්ලක්….”

Previous article“රෑ වෙද්දී හොඳටම වහිනවා… ඉන්නම බෑ.. කන්න දෙයකුත් නෑ.. තැඹිලි කඩාගෙන බිව්වා…” – තැඹිලි ගසට නැග දිවි බේරාගත් ඔහු කියන කතාව..
Next articleඔහුගේ නික්මයාම තවත් හදවත් සවේගයෙන් පිරවූ කරුණක්.. විපතටපත් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර ජීවිතයෙන් සමුගත් අවිශ්ක ගැන ඇසුණු ඒ දුක්බර කතාව මෙන්න..