බුදුන් සරණ හැර වෙන සරණක් කොයින්ද? පේසා වළල්ල මත රැඳී දිවි බේරාගත් අලියා…

0
7

රටම කැළඹූ මේ මහා ව්‍යසනයෙන් මිනිස්සු විතරක් නෙමෙයි සතා සිව්පාවුන් පවා දැඩි පීඩාවකට පත් වුණා.

ඒ අතරේ සෝමාවතී චෛත්‍යයේ පේසා වළලු උඩට නැග සිය දිවි බේරා ගත් අලියෙක් පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.

ගංවතුරෙන් දිවි බේරාගැනීමට සෝමාවතිය චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳී සිටි මෙම වන අලියාට ගංවතුර බැස යාමෙන් පසු බිමට බැසීමට නොහැකි වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

වැලි කොට්ට දමා ස්ථානයක් සකස් කර දීමේ අවශ්‍යතාව මතුව තිබුණද සුළු වශයෙන් ගංවතුර තවමත් පවතින නිසා එයද අසීරු වී ඇති බව අප වාර්තා කරු සදහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ අංශ දැනුවත් කර ඇති බව සදහන්.

මෙලෙස පේසාවලල්ලේ රැඳී සිටින්නේ කෙණෙරක් වන අතර පැටියා ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Previous articleඔහුගේ නික්මයාම තවත් හදවත් සවේගයෙන් පිරවූ කරුණක්.. විපතටපත් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර ජීවිතයෙන් සමුගත් අවිශ්ක ගැන ඇසුණු ඒ දුක්බර කතාව මෙන්න..
Next article“මයෙ චණ්ඩි බණ්ඩි දැන් අවුරුද්දක මහත්මයෙක්..” පුංචි කෛලාෂ් ගැන ආදරණීය සටහනක්..