Home දේශිය පුවත් හිටපු ජනපති රනිල් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න..!

හිටපු ජනපති රනිල් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න..!

0
245
තවමත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අහන්න ලැබෙන්නේ ඒ තරම් හොඳ ආරංචි නෙවෙයි.. 


කොහොම වුණත් ඊයේ ඇප ලැබුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගැන අද ඇසෙන ආරංචිය මොකක්ද..?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යනම් පෞද්ගලික රෝහලක හෝ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබා ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා..

විජලන තත්ත්වයක් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය 23 වනදායි..

ඊයේ උදෑසන ද ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවටයි..

මේ අතර අධිකරණය මගින් ඊයේ ඇප නියම වීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් පැමිණ අදාළ ඇප නියෝගයට ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගෙන් අත්සන් ලබාගෙන තිබුණා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය සදහන් කළේ ඔහු ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති බවයි..

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළා..

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියම කළේ. මෙම නඩුව ඔක්තෝම්බර් මස 29 දා යළි කැදවනු ඇති..

Previous articleපාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී රියදුරු ඇතුලු දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි කරමින් උදෙන්ම ඇසුනු දුක හිතෙන පුවත මෙන්න..!
Next articleමොන තරම් කඩාවැටීම් ජීවිතයේ සිද්ධ වුණත් ඇය ආයෙත් සතුටෙන්.. සෑහෙන්න කාලෙකට පස්සේ සුජීවා ඇගේ ජීවිතය ගැන ආයෙත් කතා කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights