Home සයුරෙන් එහා පුවත් සතුන්ට ආදරේ මිනිස්සු… කුරුළු ජීවිතයක් වෙනුවෙන් මාසයක් වසා දැමූ ක්‍රීඩා පිටියක් ගැන...

සතුන්ට ආදරේ මිනිස්සු… කුරුළු ජීවිතයක් වෙනුවෙන් මාසයක් වසා දැමූ ක්‍රීඩා පිටියක් ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න

0
93

 

සාමා­න්‍ය­යෙන් ක්‍රීඩාව නතර කරන්නේ වැස්ස, අධික තාපය හෝ හිම පත­නය වැනි ස්වාභා­වික හේතුමත.

සම­හර විට, සතකු පිටි­යට ඇතුළු වුව­හොත් ක්‍රීඩාව කෙටි කාල­ය­කට නතර වේ. නමුත් කුරු­ල්ලකු වෙනු­වෙන් ක්‍රීඩා පිටි­යක් මාස­යක් තිස්සේ වසා දැමීමේ සිදු­වී­මක් ඔස්ට්‍රේ­ලි­යා‍වෙන් වාර්තා විය.

ඔස්ට්‍රේ­ලි­යාවේ ආර­ක්ෂිත කුරුලු විශේ­ෂ­ය­කට අයත් ස්වදේ­ශික කුරු­ල්ලකු පිටියේ බිත්තර දැමූ නිසා ක්‍රීඩා පිටියේ බල­ධා­රීන් එවැනි තීර­ණ­යක් ගැනීම කාගේත් අව­ධා­න­යට ලක්ව ඇත.

මේ සිදු­වීම ඔස්ට්‍රේ­ලි­යාවේ කැන්බරා සිට කිලෝ­මී­ටර් 17ක පමණ දුර­කින් පිහිටි ජෙර­බ­ම්බරා ප්‍රාදේ­ශීය ක්‍රීඩා සංකී­ර්ණයේ වාර්තා විය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය ආය­ත­න­යක් වන ඩේලි මේල් වාර්තා කරන පරිදි ක්‍රීඩා සංකී­ර්ණයේ කෘතිම පාපන්දු පිටියේ ප්ලෝවර්ස් නම් කුරුලු විශේ­ෂ­යක් බිත්තර දමා ඇති බව සොයා­ගෙන තිබේ.

පක්ෂියා බිත්තර දමා ඇති බව සොයා ගැනී­මෙන් පසු එම ක්‍රීඩා සමා­ජයේ තරග අසල පිහිටි වෙනත් ක්‍රීඩා පිටි­ය­කට ගෙන යන ලෙස දේශීය වන­ජීවී සංවි­ධා­න­යක් වන වයි­ල්ඩ්කෙ­යාර් වෙතින් උප­දෙස් ලැබී ඇත.

ප්ලෝවර්ස් කුරු­ල්ලන් සාමා­න්‍ය­යෙන් තම පැට­වුන් බිහි කළ පසු ඉතා ආර­ක්ෂිත බවත්, අන­තු­රක් දැනෙන විට ඔවුන් දැඩි ලෙස ආක්‍ර­ම­ණ­ශීලී වන බවත්, ඔවුන් තම පියා­පත් ගසා, විශාල ශබ්ද නඟා ආක්‍ර­ම­ණි­ක­යන් පලවා හරින බවත් පැවසේ.

මේ පිළි­බ­ඳව එහි ක්‍රීඩා කවු­න්සි­ලය පැව­සුවේ, “අපගේ දේශීය කුරුලු විශේෂ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා­ශීලී විය යුතුයි. බිත්තර ඉවත් කිරී­මට අවශ්‍ය නම්, විශේ­ෂ­ඥ­යන් ගෙන්වා අදාළ බල­ධා­රී­න්ගෙන් අව­සර ලබා­ගත යුතුයි” යනු­වෙනි.

මේ අතර, එවැනි තීර­ණ­යක් ගැනීම සම්බ­න්ධ­යෙන් දේශීය පාපන්දු කණ්ඩා­ය­ම්ව­ලට සතර දෙසින් කෘත­ඥ­තාව පළ විය. ඊට අම­ත­රව, ක්‍රීඩා තරග සහ පුහු­ණු­වීම් ස්ථාන මාරු කිරී­මේදී සහ­යෝ­ග­යෙන් කට­යුතු කර විකල්ප ක්ෂේත්‍ර කෙරෙහි අව­ධා­නය යොමු කිරීම ද ප්‍රශං­සා­වට හේතුවී තිබේ.

Previous articleරටක්ම ආදරේ කරන එයාලගේ පුංචි කැදැල්ල. දැක්කද එයාලගේ ආදරණීය පවුලේ ලස්සන…
Next articleරටම දන්න සම්භාවනීය අමුත්තන් පිරිවරා ගත් කාගෙද මේ මංගල උත්සවය ?
error: Content is protected !!
Verified by MonsterInsights