Home දේශිය පුවත් අනතුරු ඇඟවීමයි! ගංගා 3ක් පිටාර ගලයි… පවුල් දහස් ගණනක් අවතැන් කළ කාලගුණයේ...

අනතුරු ඇඟවීමයි! ගංගා 3ක් පිටාර ගලයි… පවුල් දහස් ගණනක් අවතැන් කළ කාලගුණයේ සෙල්ලම මෙන්න!

0
142

අනතුරු ඇඟවීමයි! ගංගා 3ක් පිටාර ගලයි… පවුල් දහස් ගණනක් අවතැන් කළ කාලගුණයේ සෙල්ලම මෙන්න!

 

දිවයිනට බලපා ඇති දැඩි අයහපත් කාලගුණය දැන් සෙල්ලමක් නෙවෙයි

මේ වෙද්දී මුළු රටම ගංවතුර සහ තද වැසි තර්ජනයට මුහුණ දීලා ඉවරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) සවස නිකුත් කළ අලුත්ම වාර්තා අනුව, මේ මහා වැස්සෙන් පීඩාවට පත් පිරිස 3,500කට ආසන්න වෙලා.

මේ දරුණු තත්ත්වය අතරතුර අපට අහන්න ලැබුණු අවාසනාවන්තම පුවත වාර්තා වෙන්නේ මඩකලපුවෙන්. කෝරලේපත්තු දකුණ ප්‍රදේශයේ එක් අයෙක් මේ ආපදාවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අහිංසක පවුල් 1,113ක් මේ මොහොතේ ඉන්නේ අසරණ වෙලා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන විදිහට ප්‍රධාන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක්, ඒ කියන්නේ මුළු ජලාශ 38ක් මේ වෙනකොට පිරිලා ඉතිරිලා වාන් දමන්න පටන් අරන්.

රාජාංගනය- වාන් දොරටු 2ක් ඇරලා – කලා ඔය දෙපස අයට පරෙස්සම් වෙන්න කියනවා!
ලුණුගම්වෙහෙර- දොරටු 6ක්ම විවෘතයි – කිරිඳි ඔය ගොරවනවා!
වෙහෙරගල- දොරටු 6ක් ඇරලා – මැණික් ගඟ පිටාර ගලන මට්ටමේ!

මීට අමතරව අනුරාධපුරය, බදුල්ල, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර, මොනරාගල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජලාශ රැසක් මේ වෙනකොට වාන් දමමින් පවතිනවා.

දැනට ලැබී ඇති වාර්තා අනුව මේ කාලගුණයෙන් වැඩිම පීඩාවක් විඳින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවයි. එහි පමණක් 1,200කට අධික පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. දිවයින පුරා පවුල් 489ක් මේ වන විටත් ආරක්ෂිත කඳවුරු 8ක රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ. නිවාස 88කට අර්ධ හානි සිදුවෙලා.

කලා ඔය, කිරිඳි ඔය සහ මැණික් ගඟ ආශ්‍රිතව මෙන්ම පහත් බිම්වල ජීවත් වන ඔබ, පවතින අවදානම් තත්ත්වය ගැන දෙවරක් හිතන්න. ගංඟා ඉවුරු සහ ජලාශ අසලට යාමෙන් වළකින්න.

Previous articleඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් කතා වුණා. ඇත්තටම මේ කියන සිද්ධිය හිතන තරම් දුරදිග ගිය කතාවක්ද..?
Next articleරන්මිල දවසින් දවස අහස උසට..? දින කිහිපයකට පසු අද රන්මිල ගැන ඇසුණු කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights