අම්මා කෙනෙක් කියන්නේ පුතෙකුගේ ලොකුම හයියක්… ඉතිං මේ කියන්නේ අම්මා සිය ජීවිතෙන් සමුගෙන යද්දි අම්මාට උන පොරොන්දුව ඉටු කරමින් උස පැනීමේ නව වාර්තාවක් තියපු මලියදේවයේ නිපුන ගැන…

0
179

මනෝද්‍ය… කුරුණෑගල මලියදේව පාසලේ අති දක්ෂ ක්‍රීඩකයෙක්…

නිපුනගේ අම්මා හැමදාම හීන දැක්කේ මේ වගේ දවසක් එනකන්… ඒත් නොහිතපු වෙලාවක ඒ අහිංසක අම්මා අසනීප වෙනවා… එයාගේ ජිවිතය ඒ අසනීපය නිසා අත ඇරලා යන්න වෙනවා… මොනතරම් දුක්බර සිදුවීමක්ද?

නිපුන… ඔව්… දක්ෂ නිපුන… අම්මට වුණු ඒ ආදරණීය පොරොන්දුව ඉටු කරා…

එයාගේ අම්මා මිය ගිහිල්ලා දේහය මෝචරියේ තියලා අම්මේ මම ඔයාගේ කැමැත්ත ඉටුකරලමයි ඔයාගේ මූණ බලන්නේ කියලා අදිටන් කරගෙන…

අම්මගේ අවසන් කැමැත්ත ඉටුකරන්නන ඔහු දෙපාරක් හිතුවේ නැහැ..ඔහු අම්ම වෙනුවෙන් ඒ දේ කළා…

අම්මාගේ ජීවිතයේ අවසන් කැමැත්ත පුතෙක් විදියට අප්‍රමාණ දුකක් හදවතේ දරාගෙන ඉෂ්ට කලා… ඔහු දිනූ පදක්කම අම්මාගේ නිසල දේහය මත තියලා ඔහු ඒ දිනලා ආවා කියලා අම්මාට කිව්වා…

එහෙම කරන්න සාමාන්‍ය හිතකට බැහැ..නිපුනගේ අම්මා ඉන්න තැනක ඉඳලා ඔහුගේ ජයග්‍රහණය දිහා බලලා සතුටු වෙන්න ඇති…

ඔහු සිය නැන්දා කෙනෙකුට කියපු කතාවක් ඇය මුහුණු පොතේ සටහන් කරලා තිබ්බා මේ විදිහට….

උපුටාගැනීමක්
” නැන්දෙ ඩොක්ට කීවා අම්ම නැති උනා එයාව බලන්න කියලා..මට බලන්න බෑ. ඇස් දෙක පියාන එයාට වැදලා මම ආවා. මට 28 මීට් එකක්. ඒකෙ රෙකෝඩ් එක තියනවා බලන්න අම්ම ආසාවෙ හිටියෙ. මම ඩොක්ටගෙන් ඉල්ලීමක් කලා මගෙ රෙකෝඩ් එක තියන කල් අම්ම ගෙ අවසාන කටයුතු කරන්න බෑ. මට කල් දෙන්න කියලා..එයාලා මම කියපු දේ ඇහුවා.. මම ගෙදර ඇවිත් අල්මාරිය අරිද්දි දැක්කෙ මට හොරෙන් අම්ම සාරියක් මහලා එදාට ඇදගෙන යන්න. මම කොහොම හරි අම්ම ගෙ ඉල්ලීම ඉෂ්ට කරලා එයාගෙ අවසාන කටයුතු කරනවා”

උපුටාගැනීම අවසන්….

කොහොම වුණත් දැන් නිපුනගේ සදාදරණීය අම්මා මේ ලොකෙන් සමුඅරගෙන ගිහිල්ලා… නිපුන මේ ලෝකේ තනිකරලා…

ඔහුගේ ජිවිතේම වුණු අම්මා ගේ අහිමිවීම පුතෙක් හැටියට දරාගන්න මොනතරම් අමාරු ඇතිද? ඒත් නිපුන කියන්නේ හුඟාක් ශක්තිමත්, දරුවෙක්…

Previous articleරටක් ආදරේ කල තවත් කළාකරුවෙක් නොසිතු ලෙස අපෙන් නික්ම ගිහින්… ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්….!
Next articleදුවෙකුට අම්මා කෙනෙක් කියන්නේ ලෝකයක්… අප අතරින් සමුගත් ආදරණීය කලා හදවත චන්ද්‍රමාලියන් ගැන ඇගේ දුව තිසුරි කියූ සංවේදී සටහන මෙන්න…