මහා පාන්දර ගං වතුරින් ගමක්ම බේරාගත් නිහඬ වීරයෙක්… “අනේ, ඒ හදවත ලස්සන අයියා සම්බන්ධ කරලා දෙන්න…” පියුමි මුහුණු පොතට එක්කළ සටහන…

0
30

පාන්දර දෙකේ අඳුර, මුළු ගම්මානයම තද නින්දක ගිලී සිටියදී, එක්තරා මනුෂ්‍යයෙකුට තම ගම වසාගෙන එන දරුණු ජල ගැලීමේ අනතුර පිළිබඳව යම් හෝ පූර්ව දැනීමක් ලැබී තිබුණා.

ඔහු කිසිසේත් පසුබට නොවී, නිදිගැට කඩාගෙන, නිවෙස් සියල්ලම අවදි කරමින් මුළු ගම්වාසීන්ටම මෙම පණිවිඩය දුන්නා.

​ඔහුගේ කඩිසර මැදිහත්වීම නිසා, ගම්වැසියන් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමට කටයුතු සූදානම් විය.

සමහර නිවැසියන්ට පණිවිඩය ලැබී ඇඳෙන් බිමට බසින විටත්, පාද තෙමෙන තරමටම ජලය ගලා ඒමට පටන් ගෙන තිබිණි.

මේ සියලු කාර්යබහුලත්වය අතරතුර, තමන්ගේ අංශභාග රෝගී සොහොයුරා ඇතුළු පවුලේ අයවත් කිසිදු අඩුවක් නැතිව ආරක්ෂිතව ස්ථානගත කිරීමට ඔහු සමත් විය.

​ගමේ සෑම ජීවිතයක්ම සුරැකූ පසු, ඔහු තමන්ගේ නිවස කරා පැමිණියේය.

ඒ වන විටත් ඔහුගේ නිවස ඇතුළු එහි සියලු වස්තුව ජල කඳට විනාශ වී, අද වන විට මහ පොළොවට සමතලා වී අවසන්ය.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන එම වීඩියෝව දුටු ජනප්‍රිය නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

Previous article“මගේ චූටි ආදරේ.. ඔයා නැතුව මම කොහොමද ආයේ ස්කූල් බස් එක අරගෙන යන්නේ..” සදහටම සමුගත් පුංචි රෝස මලක් ගැන ඇසුණු සංවේදී කතාව මෙන්න..
Next articleසුවහසක් තරුණයින් හඳුනන ඇයට, හිටිහැටියේම මේ මොකද වුණේ?