“මගේ චූටි ආදරේ.. ඔයා නැතුව මම කොහොමද ආයේ ස්කූල් බස් එක අරගෙන යන්නේ..” සදහටම සමුගත් පුංචි රෝස මලක් ගැන ඇසුණු සංවේදී කතාව මෙන්න..

0
20

සමහර බැඳීම් අතර තියෙන්නේ පුදුම ලෙංගතුකමක්. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.

අයහපත් කාලගුණය නිසා කිසිවෙකුත් නොසිතන නිමේෂයක ජීවිත‍යෙන් සමුගත් සුරතල් සිඟිති දියණියක් ගැන තමයි මේ සංවේදී කතාව.

“මගේ චූටි ආදරේ.. ඔයා නැතුව මම කොහොමද ආයේ ස්කූල් බස් එක අරගෙන යන්නේ.. දවල් දොළහ වෙනකම් ඉන්නේ ඒ ගිරවිය ගන්න පෙර පාසලට යන්න… අනෙක් දරු⁣වෝ පොර කනවා නංගී එක්කන් එන්න පෙර පාසලට යන්න… නංගීගේ වතුර බෝතලේ එක්කෙනෙක් අතේ, පොත් බෑග් එක තව කෙනෙක් අතේ….

බස් එක නතර කරාම සනත් මාමට බිස්කට් දෙනවා මේව හරි රසයි කාලා බලන්න කියලා…සනත් මාම මට මොනා හරි ඕනි කිව්වම මම හැමෝටම විස්සේ අයිස් පැකට් අරන් දුන්නා…චිත්‍ර පොත් ප්ලැටිග්නම් අම්මගේ ලිෆ්ටික් ගෙනත් මූනවල් මේකප් කරනම් බලාඉදලා මම කෙච්චර සතුටු උනාද…

ලිතුලි හිමාජා කිව්වම ඇයි මාමි මම පස්සේ ඉන්නවා කියන්නේ කවුද… රුදුරු වූ කාලගුණය මල් කැකුළ නැති කරාට … වේවා.. මතු උපදින බවයක අපඅතරම ඉපදේවා…මෙවන් අකල් මරණයක් මතුවට නොම වේවා!!

මගේ ආදරේ මට යලි හමුවේවා!!”

Previous articleමමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ.” රටක් වටින වීරයෙකු ගැන සහය නියමුවා කියූ සංවේදී කතාව මෙන්න..
Next articleමහා පාන්දර ගං වතුරින් ගමක්ම බේරාගත් නිහඬ වීරයෙක්… “අනේ, ඒ හදවත ලස්සන අයියා සම්බන්ධ කරලා දෙන්න…” පියුමි මුහුණු පොතට එක්කළ සටහන…