Home දේශිය පුවත් මුළු ඇල්ලටම නිදි නැති රැයක්… රටක්ම කම්පා කල බස් රථ අනතුරෙන් දිවි...

මුළු ඇල්ලටම නිදි නැති රැයක්… රටක්ම කම්පා කල බස් රථ අනතුරෙන් දිවි අහිමි වූ ගණන ඉහලට…

0
89

 

2025.09.04 දින රාත්‍රී 9.00 ට පමණ ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ජිප් රථයක ගැටී අනතුරුව මාර්ගය අසල සවිකර තිබූ යකඩ වැටෙහිද ඝට්ටනය වීමෙන් අනතුරුව අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත.

අනතුරට පත් බස් රථයේ ගමන් ගත් අයවලුන් බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කල අතර තුවාල ලැබූවන් 18 දෙනෙකු මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත. එම පිරිස අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙකු, පිරිමි ළමුන් 03 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු සිටී.

අනතුරින් මිය ගිය කාන්තාවන් 09 දෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුගේ සිරුරු දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල් වල මෘත ශරීරාගාරයන් තුල තැම්පත් කර ඇති අතර අනතුරට පත් වූවන් සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

#Srilankapolice

Previous articleවසර 67කට පසු මෙවැනි ජයග්‍රහණයක්.. අද ඒ පාසලට මොන මොනතරම් සතුටු ඇතිද..?
Next articleඑකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! රටම සංවේදී කරමින් කරමින් සිදුවූ ඇල්ල අනතුර ගැන ලියවූ ඒ සංවේදී සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights