පවුල් ආරවුලක් කියන්නේ පොඩි දෙයක් නෙවෙයි කියලා නොරොච්චෝල සිද්ධියෙන් ආයෙමත් ඔප්පු වෙනවා.
කවුරුත් නොසිතූ විදියට කඩුවක් අරන් ඝාතනයක් කරපු, අවුරුදු 23ක තරුණයෙක් ඊයේ (03) අත්අඩංගුවට අරගෙන තියෙනවා. සිද්ධිය වෙච්ච ගමන් මේ තරුණයා වස පානය කරලා ජීවිතේ නැති කරගන්න හදලා. ඒත් ඉතින් වෙලාවට වැඩ කරපු පොලීසිය මෙයාව පොලිස් භාරයේ රෝහල්ගත කරලා කියලා තමයි ආරංචිය.
කතාවේ හැටියට මේ තරුණයා කඩුවක් අරගෙන පහර දීලා තියෙන්නේ තමන්ගේ බිරිඳගේ අහිංසක පියාට, මවට සහ ආච්චි අම්මාට.තියුණු පහරවල් නිසා තුවාල වෙච්ච අයව රෝහල්ගත කරලා තිබුණත්, අවාසනාවන්ත විදියට නැන්දම්මා සහ මාමණ්ඩිය ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න නොරොච්චෝලය පොලිසිය පරීක්ෂණ පවත්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ.








