Home දේශිය පුවත් නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා බේරාගන්න ගිය ඔහුට අත්වුණු ඛේදනීය ඉරණම ගැන...

නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා බේරාගන්න ගිය ඔහුට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

0
54
ඔහුගේ හිත මොන තරම් සංවේදී ඇතිද..?

ඒත් අවසානයේ ඒ සංවේදීකමම ඔහුගේ ජීවිතය අද උදුරාගෙන ගිහින්. මේ අන්න ඒ ගැන ඇසෙන දුක්බර කතාවයි.

කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී සිටි සුනඛයකු බේරා ගැනීමට ගිය අට හැවිරිදි සිසුවකු විදුලිසර වැදී මියයෑම සම්බන්ධයෙන් එම විදුලි රැහැන ඇද්ද සැකකරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිසර වැදී මියගොස් ඇත්තේ මිද්දෙණිය, හෙල්ලල ප්‍රදේශයේ පදිංචිව සිටි තීක්ෂණ විශ්ව අනුරාධ නමැති සිසුවායි.

මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඔහු තම නිවසේ පිටුපස පිහිටි කුඹුරේ අනවසරෙන් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් විදුලිසර වැදී මියගොස් තිබුණේ පසුගිය 02 වැනිදා බවයි දැනගන්න ලැබෙන්නේ.

සිද්ධිය වූ දින තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා කෑ ගසනු ඇසී එම සුනඛයා සිටි කුඹුර අසලට මියගිය සිසුවා දිව ගොස් තිබුණා.

එහිදී විදුලිසර වැදුණු සිසුවා විදුලි සරින් බේරාගෙන මිද්දෙණිය රෝහලට රැගෙන යෑමෙන් පසු මියගොස් තිබෙනවා. විදුලිසර වැදුණු සුනඛයා එම ස්ථානයේම මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Previous articleකඩුවක් අතට ගත් බෑනා නොරොච්චෝලයේ නැන්දම්මා සහ මාමණ්ඩිගේ ජිවිතය අකාලයේ වනසයි.
Next articleගං වතුරෙන් පසුව ඇති වන වසංගතයන්ගෙන් බේරෙන්න පුලුවන් සරල ක්‍රමයක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights