Home දේශිය පුවත් ජීවිත පහළොවක් බිළිගත්, බසය හොර පාරේ ගිය එකක්.. ඇල්ලේ බස් අනතුර ගැන...

ජීවිත පහළොවක් බිළිගත්, බසය හොර පාරේ ගිය එකක්.. ඇල්ලේ බස් අනතුර ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළියට..

0
107

 

ඇල්ලේ බස් අනතුර ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක්..

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළා.

සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ද සඳහන් වනවා.

Previous article“බ්‍රේක් නැතිවුණා… කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න…” – ජීවිත රැසක් බේරා දිවියෙන් සමුගත්, රාජකාරියට එහාගිය රැකියාවක යුතුකම ඉටුකළ රියදුරෙකුගේ මතකය යළි අවදි වූ හැටි…
Next article“මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොට ඒ ලැබුණු ආදරය මට හිතාගන්න බැරි වුණා..” කලක් නිහඬවුණු දුෂේනි කියන ඒ කතාව දැනගන්න කැමතියිද..?
error: Content is protected !!
Verified by MonsterInsights