රටම කැළැඹූ දෙවිනුවර සිද්ධියට අදාලා තවත් අයෙක් අත්අඩංගුවට…

0
248

තරුණයින් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ ඒ සිදුවීම ගැන ඔබට තවමත් මතක ඇති..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..

දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඒ අනුව මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අදාළ සැකකරු ඊයේ (24) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ…

සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා..

Previous articleනොසිතූ මොහොතක ඇගෙන් සැමියා උදුරාගත් සංවේදී කතාව. ආදරණීය කුරුළු කැදැල්ලක සතුට සොරාගත් ඒ මහා ඛේදවාචකය මෙන්න.
Next articleවේගය ඔහුගේ ජීවිතය උදුරා ගත්තාද? තවත් තරුණ ජීවිතයක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න