Home දේශිය පුවත් ලංකාවට එන තවත් “බය හිතෙන” ලෙඩක්? කිසිම දිස්ත්‍රික්කයක් බේරිලා නැහැ! තරුණ පිරිමින්ට...

ලංකාවට එන තවත් “බය හිතෙන” ලෙඩක්? කිසිම දිස්ත්‍රික්කයක් බේරිලා නැහැ! තරුණ පිරිමින්ට වැඩි අවදානමක් තියෙනවා…

0
762

ලංකාව මේ දවස්වල මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය අස්සේ, දැන් තවත් අලුත් සෞඛ්‍ය අනතුරක් ගැන තොරතුරු වාර්තා වෙනවා.

ඒ තමයි ලාදුරු රෝගය. මෙතෙක් කලක් අපි හිතාගෙන හිටියේ මේක ඉවර වෙලා ගිය ලෙඩක් කියලා වුණත්, ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස් බවයි දැන් හෙළි වෙන්නේ.

ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය හෙළි කළ තොරතුරු ඇත්තටම හැමෝම දැනුවත් විය යුතු කරුණු කිහිපයක්.

දැනට ලැබෙන වාර්තා අනුව ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් ලාදුරු රෝගීන්ගෙන් තොර නැහැ. හැම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම පහත දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා.

කොළඹ, කළුතර, ගම්පහ (බස්නාහිර පළාත වැඩිම අවදානමක)
මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල
අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර

මේක තමයි මේ වාර්තාවේ තියෙන භයානකම පැත්ත. ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් 60%ක්ම පිරිමින්. ඒ විතරක් නෙවෙයි, මොවුන් වැඩි දෙනෙක් අවුරුදු 25ත් 50ත් අතර පසුවන අය.

රටේ ආර්ථිකය කරපිට තියාගෙන ඉන්න, වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න තරුණ සහ මැදිවයස් පිරිමි අය මෙලෙස ලෙඩ වීම රටේ අනාගතයට ලොකු තර්ජනයක් කියලා වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

ලාදුරු කියන්නේ කල් තියා හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් ලෙඩක්. හැබැයි මේ ගැන තියෙන නොදැනුවත්කම නිසා රෝගය පැතිරෙන්න ඉඩ තියෙනවා.

ලාදුරු රෝගයේ මූලික ලක්ෂණ:

හිරි වැටුණු, කැලැල් හෝ ලප ශරීරයේ ඇති වීම.
ඒ ලපවලට දැනීමක් (රස්නය, සීතල, වේදනාව) නැති වීම.

අපිට තියෙන්නේ පරිස්සම් වෙන්න විතරයි. ඔබේ ශරීරයේත් දැනීමක් නැති ලප හෝ කැලැල් තියෙනවා නම්, “ඕක මොකක්ද” කියලා නොහිතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි නුවණට හුරු.

Previous articleසාලයේ වාඩි වෙලා රූපවාහිනිය නරඹමින් හිටපු රුහිණි, පුටුවෙන් නැගිටලා යන්න හදද්දීම එකවරම සිහිසුන්ව ඇද වැටුණා. අම්මා තාත්තා මේ දුක නම් කොහොම දරා ගන්නද?
Next articleලෝකයම හුස්ම අල්ලගෙන බලා සිටි මොහොත. ඇලෙක්ස් හොනෝල්ඩ් ලණු නැතුව තායිපේ 101 මුදුනටම නගී….
error: Content is protected !!
Verified by MonsterInsights