මේ දවස්වල නාන්න යද්දි පරිස්සමින්… හිරිකටු ඔයේ බිලි වෙන්න ගිය ජීවිත 35ක් බේරාගත් වීරෝධාර යුධ හමුදා රණවිරුවන්ගේ සාර්ථක මෙහෙයුම මෙන්න…

0
173

දිනවල ආපහු වැස්ස පටන් අරගෙන… මේ වැස්සේ සංචාරය කරනවා නම් දෙපාරක් හිතන්න වෙන සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ…

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදාගැනීමට යුද හමුදාව සමත්ව තිබෙනවා.

අද (01) පස්වරුවේ මේ මුදාගැනීම සිදුකළ බවයි යුද හමුදාව පැවසුවේ.

ගැමුණු හේවා බළකායේ, නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුම සිදුකර තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයින් 75 දෙනෙකු නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර මේ සිවිල් වැසියන් ආරක්ෂිතව මුදාගැනීමට සමත් වූ බවයි යුද හමුදාව පවසන්නේ.

Previous articleමේවා අපි දැක්කේ බටහිර රටවල් වල විතරයි. හැබැයි ඔන්න දැන් ලංකාවෙත් දකිනවා… කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩුගන්න ඇවිත්…ඛොඩිගාඩ්ලා නැත, පරිවාර රථ නැත, V8 නැත. විශ්‍රාම වැටුප් ද නැත.
Next articleමොකද්ද මේ වෙන්න යන්නේ..? ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතරේ වචන හුවමාරුවක්… ඉදිරියට මොකක් වෙයිද ?