Home දේශිය පුවත් හදිසි නිවේදනයයි දරුවන් සහ ගුරුවරුන් අතර පැතිර යන උණ රෝගයක් නිසා පාසල්...

හදිසි නිවේදනයයි දරුවන් සහ ගුරුවරුන් අතර පැතිර යන උණ රෝගයක් නිසා පාසල් කිහිපයක් වසා දැමේ!

0
1234

දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් සහ දෙමව්පියන් මේ වන විට දැඩි කලබලයකට පත්ව තිබෙනවා.

ඒ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක් 8 දින හදිසියේම වසා දැමීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟයි.පසුගිය දින කිහිපය තුළ දෙනියාය කලාපයේ පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් අතරද මෙම උණ රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් නිර්දේශය මත, වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් වසා තැබීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පියවර ගෙන තිබෙනවා.හෙට වසා තැබෙන පාසල් 04 මෙන්න,

දෙනියාය මධ්‍ය විද්‍යාලය
දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය
දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය
පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය

රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
ඔබේ දරුවාට යම් උණ රෝග ලක්ෂණයක් පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.දරුවා පාසල් හෝ වෙනත් පොදු ස්ථානවලට යැවීමෙන් වළකින්න.

මේ තත්ත්වය හමුවේ දෙනියාය ප්‍රදේශයේ අනෙකුත් පාසල් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණ ගැනීමට ඉඩ ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Previous articleරටම තිගැස්සූ කපිල චන්ද්‍රසේනගේ අභිරහස් වියෝව ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි!
Next articleඡායාරූප දෙකකින් ඇය ඉඟි කළේ ඒ සුබ ආරංචිය ගැනද..? ලොවට හොරා රහසේම මනාලියක් වුණු ශනූ එක්කළ ඒ සටහන මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights