තෝරයාය බස් අනතුර ගැන සියල්ල හෙළිවෙයි.. ජායාරූප සහිතයි.

0
234

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම එම අනතුරෙන් 28 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබෙනවා.

කඳුරුවෙල සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තෝරයාය ප්‍රදේශයේ නවතා තිබියදී මාඳුරු ඔය දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

Previous articleඉතුරු සල්ලි ඉලලපු කාලේ ඉවරයි. මෙන්න බස් වල යන ඔබට සුබ ආරංචියක්..!
Next articleහාල් හිගයට බත් නොකා සහය දෙන තරුණ සේවා සභාවේ තනතුරු ගත් මාලිමා සහෝදරයා