Home දේශිය පුවත් වෛද්‍යවරියට කරදර කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි. චීවරධාරියෙක් ලෙසත් ඉදලා..

වෛද්‍යවරියට කරදර කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි. චීවරධාරියෙක් ලෙසත් ඉදලා..

0
274

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.

34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.

යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර ඇත.

එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණි.

සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.

එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.

අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.

Previous articleඅනුරාධපුර වෛද්‍යවරියකට කරදර සැකකරුවා ගල්නෑවෙන් අල්ලයි
Next articleදවස් දෙකයි බෑ කිව්වේ මට අසනීප නිසා.. ඒ ටිකට වෙන කෙනෙක් අරන්… මටත් අපහාස කරලා…” මායාවි ටෙලියෙන් ඉවත් කිරීම ගැන දුශේනිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights