Home දේශිය පුවත් අනුරාධපුර වෛද්‍යවරියකට කරදර සැකකරුවා ගල්නෑවෙන් අල්ලයි

අනුරාධපුර වෛද්‍යවරියකට කරදර සැකකරුවා ගල්නෑවෙන් අල්ලයි

0
192

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සැකකරු අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Previous articleමගේ මහත්තයා ඉස්සර කඨින පෙරහැරවල් වල බෙර ගහලා මට ඕනි දේවල් ගන්න සල්ලි ගෙනල්ලා දුන්නා ” රොබේකා කියන මේ කතාව ඇහුවද ?
Next articleවෛද්‍යවරියට කරදර කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි. චීවරධාරියෙක් ලෙසත් ඉදලා..
error: Content is protected !!
Verified by MonsterInsights