Home දේශිය පුවත් ලෝකෙන්ම පස්වෙනියා… අපේ රට ලෝකයේ ඉදිරියට ගෙනියන දිරිය දියණියක් ගැන ඔබ නොඇසූ...

ලෝකෙන්ම පස්වෙනියා… අපේ රට ලෝකයේ ඉදිරියට ගෙනියන දිරිය දියණියක් ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න

0
37

 

නවතම ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම් අනුව කනිෂ්ඨ අංශයේ ලොව පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට රනිත්මා ලියනගේ සමත්ව සිටිනවා.

ශ්‍රේණිගතකිරීම් වල ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමිනුයි, ඇය මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා තිබෙන්නේ.

වයස අවුරුදු 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකාවක් වන රනිත්මා ලියනගේ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ද මේ වන විට ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් 101 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී සිටිනවා.

ඇය එංගලන්ත කනිෂ්ඨ කේවල බැඩ්මින්ටන් ශූරතාවය දිනා ගැනීමට පසුගිය අගෝස්තු මාසයේ දී සමත් වුණා. ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේදීත් අවසන් 32 වටය දක්වා ඉදිරියට පැමිණීම ඇයට හැකි වුණා.

රනිත්මා ලියනගේ මේ වන විටත් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූරිය වන අතර ඇය ගාල්ල, බද්දේගම ක්‍රිස්තුදේව බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවක්

Previous articleඔවුන්ට අහිමි වුණේ තමගේ ආදරණීය අම්මා.. දියණියන් තිදෙනෙක් පියෙකුගේ උණුසුමේ තබා දෙනෙත් පියාගත් ඇය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
Next articleඔබටත් සෙම අමාරුව නිතරම හැදෙනවද? සෙම නිට්ටාවටම සුවකර ගන්න මේ විශ්මිත තිප්පිලිය ඔසුව හදාගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights