Home දේශිය පුවත් ඔවුන්ට අහිමි වුණේ තමගේ ආදරණීය අම්මා.. දියණියන් තිදෙනෙක් පියෙකුගේ උණුසුමේ තබා දෙනෙත්...

ඔවුන්ට අහිමි වුණේ තමගේ ආදරණීය අම්මා.. දියණියන් තිදෙනෙක් පියෙකුගේ උණුසුමේ තබා දෙනෙත් පියාගත් ඇය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
105

 

තමන් එදා මේ නිවසින් පිටව යන්නේ යළි කිසිදා නොඑන ගමනක් බව ඒ දරුවන්ගේ මවට නිකමටවත් සිතෙන්නේ නැතුව ඇති..

තංගල්ල නගර සභාවේ සේවකයන් ඇතුළු පවුල්වල පිරිස් නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණේ පෙරේදා රාත්‍රී 9.30 ට පමණයි..

ඒ බිහිසුණු අනතුරෙන් අහිමි වූ ජීවිතවල අඩුව පුරවන්න කිසිවෙකුට නොහැකි වුණත්, මේ සිදුවූ විපතින් කම්පාවට පත්වෙන බොහෝ දෙනෙක් සිටිනවා.. මේ අන්න ඒ වගේ තවත් එක් පවුලක් ගැන කියවෙන සංවේදී කතාවක්..

මේ මවට තමගේ දරුවන් පවා හැරදමා එදා උදෑසන යන්න හිතෙනේ ඇයගේ ඉරණම මේ විදිහට විසදෙන්නට තිබූ නිසා වෙන්න ඇති.. කොහොම වුණත් මේ අනතුරෙන් අහිමි වූ තම මව ගැන දියණියක් සංවේගයෙන් පවසන කාරණයක් සමාජ මාධ්‍ය තුල මේ වෙද්දී සංසරණය වෙනවා..

ජීවිතයේ කිසිදා තමන් නොපැතූ ඒ අඳුරු ඉරණම ගැන ඇය කිව්වේ මෙවන් කතාවක්..

“ඊයේ (04දා) උදේ පාන්දර 3.30 ට විතර අම්මා නගර සභාවේ ට්‍රිප් එකක් යනවා කියලා ගියා. පස්සේ ඊයේ රාත්‍රී බාප්පා ඇවිත් කිව්වා බස් රථයක් ප්‍රපාතයකට පෙරළිලා සෑහෙන පිරිසක් මියගිහින් කියලා. ඒක ෆේස්බුක්වල සංසරණය වෙනවා කියලත් කිව්වා. පස්සේ අපේ තාත්තා තංගල්ල නගර සභාවට ගිහිල්ලා ඒක ඇත්ත බව තහවුරු කරගත්තා. එහෙම තහවුරු කරගෙන තාත්තා අම්මාව බලන්න ඇල්ලට ගියා. අම්මා අපිව දාලා ගිහින් කියලා තාත්තා මට දැනුම් දුන්නා. මට තව ඉන්නවා නංගිලා දෙන්නෙක්. තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි තනි වුණා. දරුවෝ හැටියට කොහොමද අපි මේක දරා ගන්නේ.”

Previous article“මගෙ දෙයියො කාට හරි කරදරයක් වුණොත් මට ඒකට යන්න ඉඩ දෙන්න කවදාවත් එපා කියන්න එපා මගෙ රත්තරං කියලා මට ඔයා කියලා තියනවා…” – ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතියගෙන් සටහනක් – photos
Next articleලෝකෙන්ම පස්වෙනියා… අපේ රට ලෝකයේ ඉදිරියට ගෙනියන දිරිය දියණියක් ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights