අලි පහක් මෙලොව හැර ගිහින්…

0
163

ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.

අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

Previous articleමහ උන් කරන වැරදි වලට අහිංසක දරුවෝ මොනවා කරන්නද ? මිද්දෙණිය ඛේදවාචකයේ නවතම තත්ත්වය මෙන්න…
Next articleපුංචි දුවගේ සිනහ මැද රුවංගිගේ පවුලේ අය සතුටු වුනේ මෙහෙමයි…