කොළොන්නාවම හඬවමින් බිරිඳගේ කර මතින් සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් ගිය හැටි මෙන්න…

0
5449

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද භූමදාන කෙරුණා.

ඒ කොලොන්නාව, පොදු සුසාන භූමියේදී.

ඊට පෙර දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබූ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා.

පසුව දේහය කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ රැගෙන ආ අතර අද උදෑසනත් දේහයට අවසන් ගෞරව දැක්වීමට පිරිස පැමිණියා.

අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය කොලොන්නාව පොදු සුසාන භූමිය වෙත අද පස්වරුවේ රැගෙන ගියා.

අනතුරුව ආගමික වතාවත් සිදුකෙරුණේ සුසාන භූමියේ පිහිටි ශාලාවේයි.

දේහය භූමදාන කිරීම සිදුවුණේ ඉන් අනතුරුවයි.

Previous articleමේ ගැනත් සැලකිලිමත්ද ? වයසට යද්දි ගොඩක් අයට ඇති වෙන විලුඹ වේදනාව නොසලකාහරින්න එපා…
Next article” අද ඔයාට තිබෙන දේ හෙට තව කෙනෙක්ගේ වෙන්න පුලුවන්… අද ඔයාට නැති දේ හෙට ඔයාගේ වෙන්න පුලුවන්…” රටක් ආදරේ කරන යොහානි මොකද්ද මේ කියන්නේ ?