දෙනෝදාහක් ඉදිරියේ සිසුවාට කල අසික්කිත වැඩේට බුකියේ රඟන ටියුෂන් ගුරාට වෙන්න යන දේ මෙන්න…

0
201

උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයෙකු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු තම පන්තියට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ උපකාරක පන්ති ගුරුවරයාට අද දින එම අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

එසේ නොවුණහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

Previous articleවලඅලි – දුම්රිය අනතුරු වලක්වන්න පුංචි හපනා සැදූ අලුත් ගැජට් එක දුම්රිය දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණයට…
Next articleපොලිස් ඉතිහාස පොත් අලුත් වෙයි. පොලිස් මුල් පුටු වලට පත් වූ අඹුසැමි යුවල ගැන අද ඇසෙන අපූරු පුවත මෙන්න…