Home දේශිය පුවත් කලාතුරකින් දැකපු දෙයක් නිසා අගය නොකර කොහොමද…අද බස් රථයක් තුල ලංකාවේ මිනිස්සුන්ගේ...

කලාතුරකින් දැකපු දෙයක් නිසා අගය නොකර කොහොමද…අද බස් රථයක් තුල ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන දැකපු ලස්සන කතාවක්..

0
1794

“ අද මම ඔෆිස් යන්න කියලා නැග්ගේ කළුතර – කොළඹ AC බස් එකකට. මගේ ඉස්සරහා සීට් එකෙ වාඩි වෙලා හිටියේ පොඩ්ඩක් වයසින් අඩු වගේ කපල් එකක්. ඒ ලේඩි Pregnant. මොරටුව කිට්ටු කරනවත් එක්කම වගේ අර ගැණු කෙනා එයාගේ Husband ට ලාවට වගේ කියනවා මට ඇහුනා එයාට මොකක්ද වෙනවා වගේ කියලා. එයාගේ Husband ටිකක් පොඩි වයසක කෙනෙක්. මං හිතන්නේ ඒ නිසාමද දන්නෙ නෑ ඒ Boy ට ලොකූ තේරුමක් තිබ්බේ නෑ මොකක්ද කරන්න ඕනී කියලා. එවෙලේ එතන හිටගෙන හිටපු තව මහත්මයෙක් ඒ ගැහැණු කෙනාට වතුර බෝතලයක් දීලා කිව්වා “අහ් මේකෙන් ටිකක් බොන්න” කියලා.

වතුර බීවත් එයාට තව තව වේදනාව ආවා මිසක් සහනයක් දැනුන්නෑ. ඒ එක්කම වෙ ගැණු කෙනා කිව්වා ” අනේ මාව Durdans 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එකට ගෙනියන්න ” කියලා. ඒ වෙලාවත් එක්ක ඉස්සරහා සීට් එකේ එකේ හිටපු මහත්මීන් දෙන්නෙක්ගේ අවධානේ ඒ කපල් එකට ලැබුනා. අර මහත්මීන් දෙන්නගෙන් එක්කෙනෙක් එයාගේ සීට් එකෙන් නැගිටලා ඇවිත් අර ගැහැණු කෙනාගේ ගේ අත තදීන් අල්ල ගත්තා. අනික් කෙනා කිව්වා ඔයා “බය වෙන්නෙපා කලබල නොවී ඉන්න ” කියලා. ඒ එක්කම ඒ ගැණු කෙනාගේ ඇඳන් ඉඳපු ඇදුම පවා සැහැල්ලු කරා.

එතන හිටපු තව මහත්මයෙක් ලඟම තියන 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එක කොහෙද කියලා බලද්දි ලගම තිබ්බේ ගල්කිස්ස 𝖬𝖾𝖽𝗂 𝖧𝖾𝗅𝗉 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එක. බස් එක එලවපු ඩ්‍රයිවර් මහත්තයට කිවම පුලුවන් ඉක්මන්ට එතන්ට යමූ කියලා, දෙපාරක් නොහිතා ඒ මහත්මයා බස් එක ඉක්මන්ට 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එක ගාවට ගියා. ඒ යනකන්ම බස් එකේ හිටපු කීප දෙනා අර 𝖯regnant ගැණු කෙනාට මානසික විදියටත් ශාරීරික විදියටත් ලොකූ සහනයක් දුන්නා. බස් එක කෙලින්ම නැවැත්තුවේ 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එකේ දොරකඩ. අර කපල් එකව ඒ වෙලාවෙවත් තනි නොකර එක මහත්මියක් එයාලා එක්කම 𝖧𝗈𝗌𝗉𝗂𝗍𝖺𝗅 එකට ගියා.

ඇත්තටම සතුටුයි ලංකාවේ මිනිස්සු ගාව තාමත් මනුස්සකම උතුරන්න තියෙන එක ගැන. තව කෙනෙක්ගේ දුකක් කරදරයක් තේරෙන ගානට වාසියක් නැතුව ඒ කෙනා ගැන සානුකම්පිතව බලන එක ගැන. ”

Previous articleමගේ සියලුම කැත කුණු අතගාමින්, මට සැරෙන් වචනයක්වත් නොකියා ඔහු මාව බලාගන්නවා” ඇසට කඳුලක් ගෙනෙන කතාවක් මේක.
Next article“ඒ සොඳුරු මිනිසා නික්ම ගොස් අදට වසර 38යි..” මුළු රටේම දෑස් තෙත් කළ විජයගේ මතකය අදටත් අලුත් වෙයි!
error: Content is protected !!
Verified by MonsterInsights