“මම මෙයා. මෙච්චරයි මගේ ගාන. කැමතිනම් ගන්න.” ඒ මම හදාගත්ත තැන…” – වස්ති අනුශ්ක කියපු සුපිරි කතාව මෙන්න…

0
268

අනුෂ්ක උදාන කියන්නේ අද කාලේ කවුරුත් ආදරේ කරන චරිතයක්.. වස්ති නමින් ඔවුන්ගේම යූටියුබ් සන්නාමයක් හදාගෙන කාලෙන් කාලෙට කතා මවපු රටම කළඹන වැඩ කරපු අතිදක්ෂයෙක්…

ඉතිං පහු දවසක් වැඩසටහනකදී මෙහෙම කියනවා.

මම සිංදු කියන මයික් එකේන්ම තව ප්‍රවීන ගායකයෝ/ අලුතෙන් එන කට්ටිය ඒ මයික් එකෙන්ම සින්දු කියනවා ගන්න ගණන් වෙනස්. ඒක මත බේදයක් සමහර තැන් වල. මම ඉන්න YouTube Platform එකේම මමත් ඉන්නව ඔයත් ඉන්නවා තව ගොඩක් කට්ටිය ඉන්නවා හැබැයි අපි හම්බකරන විදි වෙනස්. ඒ Management එක. “ආ ඔයා මෙයානේ, ඔයාට දෙන්නෙ මෙච්චරයි” කියල මට කවුරුත් කියලා නෑ. මම කියල තියෙන්නෙ “මම මෙයා. මෙච්චරයි මගේ ගාන. කැමතිනම් ගන්න.” ඒ මම හදාගත්ත තැන. දැන් ඩොක්ටර් කෙනෙක් Private Hospital එකක බෙහෙත් දුන්නා කියලා “ඔයාට ඒකට අයිතියක් නෑ” කියන්න බෑනේ. ඒක ඒ මනුස්සයාගේ අවුරුදු ගානක මහන්සිය සහ කැපකිරීම. මේ ලෝකෙට මරුටි/ලැම්බොගිනි කියල දෙකක් ආවා කියල ලැම්බොගිනි වලට ගල් ගහන්න යන්නෑනෙ මිනිස්සු. ඕනම ජොබ් එකක විවිධ මට්ටම් තියෙනවා. හැම වෙලාවෙම මරුටියක් වෙන්න එපා.

– Anushka Udana අශේන් සේනාරත්න සමග සංවාදයකදී –

Previous articleබොරුවට රටම කුලප්පු කරලා එක ගමකට බනින විදියට පරිසරය හදන්න එපා! ලොකුම පාඩුව වෙච්චි සවුන්ඩ් කරපු අහිංසකයා වෙනුවෙන් චනුක මොරා කට අරියි…
Next articleඇතැමුන් ඔවුන්ට නින්දා අපහාස කරද්දී ඔහු ඇය ගැන සිතේ තිබූ ආදරය වචන වලට මුසු කොට සමාජ මාධ්‍යයේ මුදා හැරියේ මෙහෙමයි.