Home දේශිය පුවත් ඇල්ලේ බස්‍ රථ අනතුරෙන් දිවි අහිමි වුනේ 15ක් නෙමෙයි. දැන් 16යි. තවත්...

ඇල්ලේ බස්‍ රථ අනතුරෙන් දිවි අහිමි වුනේ 15ක් නෙමෙයි. දැන් 16යි. තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි..!

0
77

 

ඒ මාරක අනතුර ගැන මේ ඇසෙන්නේ තවත් සංවේදී කතාවක්.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවූ මාරක බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගිය බව ඇල්ල පොලිසිය පවසනවා.

තංගල්ල බෙලිඅත්ත පාර පදිංචි ව සිටි නාමලි ගමගේ (43) නැමති කාන්තාවක මෙසේ මිය ගොස් ඇතැයි පොලිසිය කියනවා.

තංගල්ල නගර සභා සේවක පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වන දින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථය අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරින් 15 ක් මියගොස් 18 ක් තුවාල ලැබූහ.

මෙම මාරක විනෝද චාරිකා බස්රථ අනතුරින් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11. 12, සහ 10 වාට්ටු වල කාන්තාවන් දෙදෙනකු සමග පිරිමි පුද්ගලයකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය සදහන් කරනවා.

Previous articleකලාලොව දිදුලන තාරකාවක් වුණු ඔහු නොසිතූ මොහොතක ජීවන ගමනට සමුදෙයි..
Next articleදෑත් දිගු වෙයි… එන්නත ලොවටම නොමිලේ දෙන බව පුටින් කියයි… ලොව කැළඹූ රුසියන් එන්නත කළ නොහැක්කක් යථාර්ථයක් කරයිද?
error: Content is protected !!
Verified by MonsterInsights