Home සයුරෙන් එහා පුවත් කළු පැහැ ගවුමකින් සැරසුණු පුංචි චාලට් කුමරිය ඇයට උපහාර පුද කරයි.. සමාජ...

කළු පැහැ ගවුමකින් සැරසුණු පුංචි චාලට් කුමරිය ඇයට උපහාර පුද කරයි.. සමාජ මාධ්‍ය අතර කතාබහට ලක්වුණු ඒ සිද්ධිය මෙන්න

0
44

ඒ මුහුණුවර එකහා සමානද..? මොවුන් දෙදෙනා දකින බොහෝ දෙනා කිව්වේ අන්න ඒ වගේ කතාවක්..

මීට වසර ගණනාවකට පෙර අප අතරින් වියෝ වුණු වේල්ස්හි රෝස කුසුම ඩයනා වගේම ඇගේ මිණිබිරිය ගැනයි මේ ආදරණීය කතාව..

චාලට් කුමරිය ඇගේ මියගිය ආච්චි ඩයනා කුමරියට සමාන බව රසිකයන් විසින් සමාජමාධ්‍ය හරහා විවිධ අවස්ථාවලදී දක්වා තිබෙනවා.. ඇත්තෙන්ම මොවුන් දෙදෙනාගේ ඡායාරූපවල මුහුණුවර ගත්තද මෙහි කිසියම් සමානකමක් ඇති බවයි පෙනී යන්නේ..

චාලට් යනු විලියම් කුමරු සහ කේට් කුමරියගේ එකම දියණියයි… එසේම ඒ අඳුරු දවස පසුගිය දිනයක යෙදී තිබෙනවාත් සමඟම කේට් මිඩ්ල්ටන්, චාලට් කුමරිය සමඟ අත්වැල් බැඳගෙන ගොස් තිබුණේ ඩයනා කුමරියගේ ස්මාරකය ළඟටයි..

එහි ගිය මේ රාජකීය පවුලේ සාමාජිකයින් දෙදෙනා නිහඬතාවයකින් ඩයනා කුමරියට ඔවුන්ගේ උපහාරය එක්කළ අයුරුත් දැකගන්න හැකිවුණා..

Previous articleඅධික වේගයෙන් ආ බස් රථය වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා වම් පැත්තට කපා ප්‍රපාතයට වැටුනා..!
Next articleලොව ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වූ ඔහුත් සිය දිවි සැරිය නිම කරයි
error: Content is protected !!
Verified by MonsterInsights