Home දේශිය පුවත් අධික වේගයෙන් ආ බස් රථය වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා වම් පැත්තට...

අධික වේගයෙන් ආ බස් රථය වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා වම් පැත්තට කපා ප්‍රපාතයට වැටුනා..!

0
69

 

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ අතර, එම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රේන්ජ් රෝවර් වර්ගයේ මෙම ජීප් රථය බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ඇති අතර අධික වේගයෙන් ආ බස් රථය තම රථය දුරතියා නොදකින්නට ඇතැයිද ආ වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා වම් පැත්තට කපා ප්‍රපාතයට ආරක්සිත වැටෙහිද වැදී ඇද වැටෙන්නට ඇතැයිද ජීප් රියදුරු පවසා තිබේ.ජීප් රථයේ පිටුපස කොටසක් සීරීමටද ලක්විය.

පොලීසිය ප්‍රකාශ කළේ, අනතුරට හේතුව බස් රථයේ අධික වේගය සහ ඒ හේතුවෙන් රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම බවට සැක කරන බවයි.

මියගිය පුද්ගලයින් 16 දෙනා අතර ළමුන් නොමැති නමුත්, තුවාල ලැබූ 18 දෙනා අතර ළමුන් 5 දෙනෙකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල අය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැන්පත් කර ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙම සිදුවීම සිදුව ඇති ප්‍රපාතය අනතුරු සඳහා ප්‍රසිද්ධ එකක් වන බවත් 2002 වසරේ මෙම ස්ථානයේ මේ ආකාරයේම බස් අනතුරකින් 21 ක් මියගිය බවත් වාර්තා විය.මෙම ස්තානයේ ආරක්සිත වැටක් තිබූ නමුත් රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය නිසා අනතුර සිදුව ඇති බව මූලික විමර්ශන අනුව පැහැදිලි වී තිබේ.

Previous articleඑක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුව ගද්දි කීවා බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ කියලා.
Next articleකළු පැහැ ගවුමකින් සැරසුණු පුංචි චාලට් කුමරිය ඇයට උපහාර පුද කරයි.. සමාජ මාධ්‍ය අතර කතාබහට ලක්වුණු ඒ සිද්ධිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights