මාධවී දැන් එයාව අයිති කරගෙන.. මුහුණුපොතට කසුන් ලියපු අමුතුම කතාව මෙන්න…

0
201

දෙන්නාගේ ආදර කතාව ලස්සන කරන්න ආව පුංචි පුත් කුමාරයා තමයි කෛලාෂ් කියන්නේ..

මාධවී – කසුන් දෙදෙනාගේ ජීවිත හැඩ කරන්න ආව මේ පුංචි මැණිකට මේ නම් එල්ල වෙන්නේ චෝදනාවක්..?

ඒ එයාගේ අප්පච්චිගෙන්.. කසුන් ඔහුගේ පණටත් වඩා ආදරය කරන ඒ දෙන්නාගේ පුංචි පුතා මේ වෙද්දී නම් අම්මාව අයිති කරගෙනලු..

මේ අන්න ඒ ගැන කසුන් ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණු ආදරණීය සටහනයි..

“ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන සිරි බල බලා නිදි වෙලාවක් අල්ලලා කොල්ලව මයෙ අම්මට බාරදීලා ඕං අපි දෙන්නා කාලෙකින් ෂොපිං ගියා. අවශ්‍යම දේවල් විතරක් පට පට ගාලා අරං ඩිසි ඩිසි ගාල ආයෙමත් ගෙදර ආවා. අනේ ඒ ටිකටත් සුදු මහත්තයා ඇහැරිලා. එයැයිගෙ අම්මව දැක්ක ගමන් තුරුල්ලට පැනලා මා දිහා බලාගෙන තොල පෙරලං දුක කියන්නා වගේ අඬන්න ගත්තා. නැළවුණේ හිස සිඹලා එයා එක්ක එකදිගට හුරතලේ පෑවට පස්සෙ. ජීවිතේ දැන් තනිකරම වෙනස් වෙලා. මේක අපි දෙන්නටම කුළුඳුල් පරිච්ඡේදයක්. ඒ සිහිලැල් හැඟීම දැනෙන්ට අම්මෙක් අප්පච්චියෙක් වෙන්ටමෝනෙ. මේ තියෙන්නෙ අද අර ගමනෙදි ගත්තු කලබල මතකයක්. ආදරේදි කලබලේ පවා නිස්කලංකයි නේද කියලා හිතෙන්නෙ පුතාගෙ හිනාකට දැක්කමයි ! “

Previous article” මමත් ප්‍රිය කරන කෙනෙක්. හැබැයි මෙයාලව සම්බන්ධ කරගන්න එපා ” දුශේනි මායාවිට කල දේට ජනප්‍රිය නිලි ඕෂධී හේවාමද්දුමගෙනුත් සැර කතාවක්…
Next article” බලන් ඉන්න බැරිම තැන මේක කියන්නේ.. එදා අපිට කරෙත් මේකයි. ” දුශේනි මායාවිට කරපු දේට හිරිපොද වැස්ස තිර රචකයත් අතීතය මතක් කරයි…