ලංකාවේ කෙල්ලෝ පිස්සු වට්ටපු BTS තරුව ලෝකෙන්ම කඩවසම් තරුණයා වෙයි…

0
288

ජනප්‍රිය කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සාමාජික කිම් ටෙහ්යුන්ග් (Kim Taehyung) හෙවත් ‘වී’ (V) සුප්‍රසිද්ධ සුපිරි තරු කිහිප දෙනෙකු අභිබවා යමින් ‘ලෝකයේ කඩවසම්ම පිරිමියා” බවට පත් ව තිබෙනවා. ‘වී’ යනු ඔහුගේ පෙනුමෙන් මිලියන ගණනක් ආකර්ශනය කළ කඩවසම් තරුණයාය. දැනට දකුණු කොරියානු හමුදාවේ නිත්‍ය සේවයට සමබන්ධ වී සිටින වී, මේ වසර අගදී නැවත පැමිණීමට නියමිතය.
ටෙක්නෝ ස්පෝර්ට්ස් විසින් නිකුත් කරන ලද ලැයිස්තුවට අනුව, වී මෙම කිරුළට හිමිකම් කියන්නේ හොලිවුඩ් තරු බ්‍රැඩ් පිට්, ටොම් කෲස් සහ රොබට් පැටින්සන් මෙන්ම බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ද අභිබවා යමිනි.
හොලිවුඩයේ සුපිරි නළු බ්‍රැඩ් පිට් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවෙනවා. ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානයේ පසුවන්නේ හොලිවුඩයේ සාර්ථක නමක් දිනාගත් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙක් වන රොබට් පැටින්සන්ය.
කැනේඩියානු නිරූපන ශිල්පියෙක් සහ නළුවෙකු වන නෝවා මිල්ස් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. බොලිවුඩයට ආවේණික ග්‍රීක දෙවියකුගේ පෙනුම නඩත්තු කරන රිතික් රෝෂන් ලෝකයේ කඩවසම්ම පිරිමින් අතර පස්වැන්නාය.
කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ද ලොව කඩවසම් පිරිමින්ගේ ලැයිස්තුවේ හයවැනි ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි.
ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළුවෙකු වන හෙන්රි කැවිල් ද වඩාත්ම කඩවසම් මිනිසුන් අතරට ඇතුළත්. මිෂන් ඉම්පොසිබල් තරුව ටොම් කෲස් ද ලොව කඩවසම්ම පිරිමින් දසදෙනා අතර සිය නම රැක ගැනීමට සමත් වී තිබෙනවා.

Previous articleබොලිවුඩය කැළඹු සයිෆ් අලී සිද්ධියෙන් සුපිරි නළුවා බේරාගත් පුංචි වීරයා ගැන දන්නවද ?
Next articleවන්දනාකරුවන් පිරිසක් සමග අනුරාධපුරයට ගිය බස් රථයට වුන දේ මෙන්න…