ඇගේ විශේෂ දිනයක් ගැන රටම දන්න ජැක්සන් පවුලේ කසුන් කිව්වේ හරිම ලස්සන කතාවක්…

0
995

කසුන් මහේන්ද්‍ර කියන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු චරිතයක්..

ඔහුගේ පවුලේ උදවියත් දැන් ඒ වගේමයි..

මෙන්න ඉතින් කවුරුත් ආදරය කරන ඒ පුංචි පවුලට මේ නම් විශේෂ දවසක්ලු.. කෛලාෂ් පුතාගේ එකම නැන්දාගේ උපන්දිනය දවසේ ඇය වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් තමයි කසුන් එක්කරලා තිබුණේ..

මයෙ ප්‍රාණසම කෛලාෂ් පුතාව දරාගෙන මේ ඉන්නෙ මයෙ අක්කා. එක මව්කුසේ උපන්න එකම අක්කා. පුතණ්ඩියගෙ ලොකු නැන්දා. පහුගිය ටිකේම එයා කියනවා ‘පුතාව දකින හැමවෙලේම එයාට පේන්නෙ මයෙ ළදරු කාලෙ’ කියලා. මං මට අමතක කාලෙ මතකත් ජීවමානව දකින්නෙ අක්කණ්ඩිගෙ ඇස්දෙකෙන්.

හැමදාම ආදරෙයි කියලා නොකීවට සීනි මුරුක්කු Seeni Murukku පොතේ පෙරවදනෙ එයාට මං ආදරේ තරං මෙහෙම ලීවා.

“පාසලේ ළමුන් සහෝදර සහෝදරියන් ගැන රසැති රචනා ලියද්දී ගෙදර’විත් අම්මාටත් තාත්තාටත් ‘අනේ මටත් මල්ලියෙක්’ ඕනෑ යැයි කියා ඇවිටිලි කොට, මා උපන් පසු මගේ ජීවිතය ම ඇගේ වගකීමක් කොටගත්, තාත්තා රැකියාවක් නොකළ බොහෝ අවුරුදු පුරාවට යෝධියක සේ මුළු පවුලම නඩත්තු කෙරූ, බෝධියක් සේ මගේ සතුට තමාගේ සතුට බවටත්, මගේ දුක තමාගේ දුක බවටත් අදටත් පත් කොටගන්නා ආදරණීය හදවත මගේ එකමෙක අක්කා ය”

අද එයාගෙ උපන්දිනේ. ඉතිං මයෙ දෙවෙනි අම්මට සුබ උපන් දවසක් !

Previous articleරටක් හඩවමින් දශක හතරක් රසිකයින් පිනවූ ඒ අපූරු ගායන තරුව දිවි කතරෙන් නික්ම ගිහින්…
Next articleමුහුණේ සම රැලි වැටිලා වයසටත් වඩා වයස පේනවා නම් මෙන්න කියවන්න.