Home දේශිය පුවත් දරු පැටවු තුන්දෙනාගේ උපන්දිනය සමරන්න හිටියේ අප්‍රේල් 1 වෙනිදා.. කැළණි සරසවියම හැඩවූ...

දරු පැටවු තුන්දෙනාගේ උපන්දිනය සමරන්න හිටියේ අප්‍රේල් 1 වෙනිදා.. කැළණි සරසවියම හැඩවූ ආචාර්යවරයා ගැන ඇසෙන සංවේදී කතාවේ අලුත් විස්තරය මෙන්න…

0
240

මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරින් බරපතල තුවාල ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය සතිෂා නිලන්ති සම නිවුන් දරුවන් තිදෙනා සහ බිරියගේ මව තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

මෙම අනතුරින් බරපතල තුවාට ලැබූ (බිරියගේ සොයුරා) රවිඳු තීක්ෂණ මහතාද දින කිහිපයකට පසු පෙරේදා දිවි ගමනට සමුදුන්නා.

ගුනේන්ද්‍ර ගයන්ත ආචාර්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිබුණේ, යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙමින් සිටියදීයි.

වෑන් රථයක් කුලියට ලබාගෙන මෙම ගමන ගොස් තිබූ අතර රියදුරු 160 kmph ක උපරිම වේගයකින් ගමන් කරද්දී රථය පාලනය කරගත නොහැකිව ලොරියක පසුපස වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානි ලෙස කටයුතු කළ ගුනේන්ද්‍ර ගයන්ත විද්‍යාර්ථීන් අතර ප්‍රකට නමක් දිනා සිටි අතර ඔහුට අවසන් ගෞරව දක්වන්නට විශ්ව විද්‍යාලයටද දේහය රැගෙන ගොස් තිබුණා.

මෙම සම නිවුන් දරුවන් තිදෙනාගේ වයස 02 උපන් දිනය ලබන අප්‍රේල් 01 වනදාට යෙදී තිබෙන අතර ඒ සඳහා පිංකමක් සමග උපන්දින සාදයක්ද ආචාර්යවරයා සූදානම් කර ඒ සඳහා ඥාතීන්ට ආරාධනා කර තිබූ බවද සදහන්.

Previous articleනොසිතූ මොහොතක ලොවක් දන්න සන්නාමයක ලොක්කෙක් අවසන් ගමන් යයි… මේ ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න…
Next articleසුද්දටත් බැරි ඉංග්‍රිසි…එංගලන්තයේ ලක්ෂ 10කට ඉංග්‍රිසි බැ.. නවතම දත්ත වාර්තා වලින් හෙලි වූ ඇස් උඩයන පුවත මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights