Home දේශිය පුවත් වාණිජ අංශයෙන් ප්‍රථමයා බිහිකල විශාඛාවේ රීඩිං රූම් එක… මොකද්ද මේ ඇය කියන...

වාණිජ අංශයෙන් ප්‍රථමයා බිහිකල විශාඛාවේ රීඩිං රූම් එක… මොකද්ද මේ ඇය කියන කතාව..

0
590

මෙවර උසස් පෙළ විභා­ගයේ වාණිජ අංශ­යෙන් ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යා­ලයේ අමාෂා දුලාරි පෙරේරා සිසු­වි­යට හිමි වී තිබේ.
සිය ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් ඇය මෙසේ පැව­සු­වාය.

මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ලැබුවේ විදුර විද්‍යාලයෙන්. මුල ඉඳලම මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. සාමාන්‍ය පෙළින් පසුව මම කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා.
මගේ මහ­න්සි­යට ප්‍රති­ඵල ලැබුණු එක ගැන සතු­ටුයි.මුල ඉඳ­ලම ඉල­ක්ක­යක් තියා­ගෙ­නයි අධ්‍යා­පන කට­යුතු කළේ.ඒ සඳහා විශාඛා විදයාලයෙන් උප­රිම සහා­යක් හිමි වුණා.
වටිනම තැන තමා විශාඛා එකේ ‘රීඩින් රූම්’ එක. පාසලේ පුස්ත­කා­ල­යත්,පාඩම් කරන රීඩින් කාම­ර­යත් සහාය තමා ගොඩක් බලපෑවේ.

ඒ පුස්ත­කා­ලයේ පාස් පේපර්ස් සෑහෙන්න තියෙ­නවා.මම පහු­ගිය පාස් පේපර්ස් සෑහෙන්න කළා.සද්ද නැතිව පාඩම් කරන්න පුළු­වන් පරි­ස­ර­යක් රීඩින් රූම් එකේ තිබුණා.නිද­හස් පිරී­ය­ඩ්වල රීඩින් රූම් එකට ගිහින් පාඩම් කළා.මේ දේවල් මගේ ප්‍රති­ඵ­ල­යට දායක වුණා.

මගේ මුල් පාසල විදුර විද්‍යා­ලය.විදුර විද්‍යා­ල­යෙන් මට හොඳ ෆවු­න්ඩේ­ෂන් එකක් ලැබුණා. ඒ වගේම මගේ අම්මා ඇයත් ගණකාධිකාරිවරියක් මං වෙනු­වෙන් මගේ පිටු­ප­සින්ම හිටියා.මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අක්කා රුසියාවේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා.තාත්තත් අක්කාත් මේ ප්‍රති­ඵ­ල­යට සහාය වුණා.
පාසල් දෙකේම ගුරුවරු අගය කරනවා.

වර­ලත් ගණ­කා­ධී­කා­රි­ව­රි­යක් වෙන එක මගේ හීන­යක්.ඊට අවශ්‍ය අනෙ­කුත් සුදු­සු­කම් සපු­රා­ගෙන හොඳ පුර­වැ­සි­යෙන් විදි­යට රට වෙනු­වෙන් සේවය කරන එකයි බලා­පො­රො­ත්තුව.

Previous articleපාළුවට ගිය නුවර වෙනදටත් වඩා දැන් ලස්සන වෙලා… ටොෆි කොලයක්වත් නැති තරමට අපේ අය ක්ලීන් කරලා…
Next articleගෙදරින් කෑ ගැහුවා. ඉස්කෝලෙන් එපාම කිව්වා. ගැරේජ් වැඩ කරපු මම තාක්ෂණවේදය ආසාවෙන් කරලා ලංකාවේ එක වුනා..” තාක්ෂණවේදයෙන් කප් ගැසූ ඔහු කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights