Home දේශිය පුවත් ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා..”...

ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා..” බිහිසුණු අත්දැකීමක් ගැන ඔහු කියන කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී…

0
314

ඇත්තෙන්ම මේ කතාව අසන ඕනෑම කෙනෙක්ට පුදුමයක් ඇති වෙනවා.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

තල්මසෙකුගේ කටින් මෙහෙම බේරෙන්න පුළුවන්ද..? ඇත්තෙන්ම ඒ කතාව නම් ප්‍රාතිහාර්‍යක් වගේ..

තල්මසෙකු විසින් තරුණයෙකු සමග බෝට්ටුවක් ගිල දමා යළි එම තරුණයා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 23ක තරුණයෙක්.

අදාළ තරුණයා සිය පියා සමග චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිට ඇති අතර එහිදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තල්මසා විසින් තරුණයාව ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර තිබෙනවා.

අදාළ තරුණයා මාධ්‍ය වෙත දැක්වූයේ මෙවන් අදහසක්,
“මම යම් දෙයක මුඛය තුළ සිටින බව මට වැටහුණා, සමහර විට එය මාව අනුභව කර ඇති බවත්, ඒ මුහුදු රකුසෙක් විය හැකි බවත් මම තත්පරයක් ගත කළා, මම ඇස් පියාගත්තා, ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා, මගේ මුහුණේ සෙවල ගතියක් ඇති බව මට දැනුණා..”

Previous articleශ්‍රි ලංකා ක්‍රිකට් තරුවක් වන අවිශ්කගේ පුංචි පුතාගේ විශේෂ දවසක් ගැනයි මේ කියන්නේ
Next articleසිරුරේ කළු ලප මේ තරම් භයානක රෝගයක පෙර ලකුණක් කියලා අදමයි දන්නේ…
error: Content is protected !!
Verified by MonsterInsights