Home දේශිය පුවත් සිහිනෙන් අනියම් බිරිඳ ගැන කියවූ සැමියාට වැඩ වරදී.. සිද්ධිය මොකක් වුණත් බිරිඳ...

සිහිනෙන් අනියම් බිරිඳ ගැන කියවූ සැමියාට වැඩ වරදී.. සිද්ධිය මොකක් වුණත් බිරිඳ මව්පියන් හා එක්ව විවාහය ගැන අවසන් තීන්දුව ගනී..?

0
117

 

මේ සිදුවුණේ කුමක්ද..?

ඔහුට ඒ ගැන හිතන්නවත් වෙලාවක් වුණේ නැහැ. පවුලක සතුට ක්ෂණිකව සුනුවිසුණු කළ ඒ කතාව මොකක්ද?

ඔහු මෙරට රාජ්‍ය ආයතනයක සේවය කළ අයෙක්. විවාහ වුණු පසු සාමාන්‍ය පරිදි රැකියාවට ගියත්, ඔහුගේ බිරිඳට එහි අවුල් සහගත තැන් බොහෝමයක් තිබුණා.

කොහොම වුණත්, කාර්යාලයේම සේවිකාවක් සමග ඇයි හොඳයියක් ගැන කතාවක්ද ඔහු ගැන පැතිර ගියා. එය හිමින් නොවෙයි. නිවසටද ඔය ආරංචිය ගොස් තිබුණා.
ඔහු‍ගේ නෝනා මේ ගැන සිටියේ හොඳ සෝදිසියෙන්.

සිය සැමියාගේ හොරය අල්ලා ගැනීමට ඇය මානබලමින් සිටියේ කාලයක සිට‍යි. එහෙත් ඇයට කොනක් අල්ලා ගැනීමට නොහැකි විය. ඒත් ඇය සිය උත්සාහය අත්නොහැරියා. තමා සැමියාගේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින්නේ යැයි ඇය දන්නා බවද දන්වා සිටියේ ව්‍යංගවයි. වහෙන් ඔරෝය.

එදා නින්දට ඔහු ගියේ අඩියක් පුඩියක් ගසාය. වැටුණු ගමන් නින්දට ගිය ඔහු ගංගා, අනේ ගංගා යයි මහ හඬින් කෑ ගැසුවා. ඒ හඬින් භාර්යාවට ද ඇහැරුනේය.ඔහු නැවත වතාවක්ම ගංගා,අනේ ගංගා යයි කියමින් මර ළතෝනි දුන්නා. ඒ සිහිනෙන්. ඒ සමගම ආවේශවූ භාර්යාව සයනයේදීම ඔහුට සිය අත් පා වලින් තඩි බෑවාය. මේ කිසිවක් නොදත් ඔහු ඇහැරුණේ භාර්යාවගේ තඩිබෑම මධ්‍යයේය. කම්මුල සහ අත්පා රිදුම් දීමත් සමගමයි.

අද මට තමු​ෙසගේ හොරේ අහුවුණා. දැන් ඒකි රෑට රෑටත් හීනෙන් පේනවානේ දැයි කියමින් ඇය ඔහුට තවත් තඩි බෑවාය. මේ කරදරය තවත් ඉවසීමට නොහැකිවූ ඔහු මහ රෑම නිවසින් පැන ගියේ භාර්යාවගේ පහර කෑමෙන් වැළකීමටයි.

මහ රෑම ඇය සිය මවුපියන්ට ජංගම දුරකතනයකින් කීවේ සිය සැමියා කාර්යාලයේ සේවිකාවක වන ගංගා කුමාරි සමග පවත්වාගෙන ගිය සම්බන්ධය අද අතටම හසුවු බව කියමින් සිය නිවසට එන බව පවසමිනි.

ඇත්තටම ඔහු හීනෙන් දෙඩවූවේ කාර්යාලයේ සේවය කරන ගංගා ගැනද නැත්නම් වෙන ගංගා කෙනෙකු ගැන දැයි දන්නෙ ඔහුම පමණයි.

Previous articleඅබිරහසක් ඉතිරු කරමින් ජීවිතයෙන් සමුගත් ඇය කවුද..? ගැටඹේ පාලම උඩ ඇති වුණ ඒ කලබල ගැන ඇසෙන කතාව මෙන්න.
Next articleපුංචිට සුභ පතන්න කවුද බලන්නකෝ මේ ගිහිල්ලා තියෙන්නේ..
error: Content is protected !!
Verified by MonsterInsights