Home දේශිය පුවත් අබිරහසක් ඉතිරු කරමින් ජීවිතයෙන් සමුගත් ඇය කවුද..? ගැටඹේ පාලම උඩ ඇති වුණ...

අබිරහසක් ඉතිරු කරමින් ජීවිතයෙන් සමුගත් ඇය කවුද..? ගැටඹේ පාලම උඩ ඇති වුණ ඒ කලබල ගැන ඇසෙන කතාව මෙන්න.

0
70

 

මේ සිද්ධිය අද උදෑසන අහන්න ලැබුණ මේ ආරංචිය ටිකක් වෙනස් වූවක්.

ඇය මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නේ කොහොමද? සැකයක් පමණක් ඉතුරු කරමින් ජීවිතයෙන් සමුගත් ඇය ගැනයි මේ ආරංචිය.

පේරාදෙනිය ගන්නෝරුව මහවැලි ගංගාව හරහා ඇති පාලමේ යට කොටසේ මහවැලි ගංගාවේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

අද මෙම මළ සිරුර දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පේරාදෙණිය පොලිසිය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත්, මෙම මරණයට පත් කාන්තාව දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රජයේ සේවිකාවක් බව මේ වන විට හෙළිව තිබෙනවා.

මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් මහින්ද ලියනගේ අද පෙරවරුවේ අදාළ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුක‍ර ඇති අතර, මෙම මරණය මිනිස් ඝාතනයත්ද, සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

 

Previous articleසුප්‍රකට රංගන පුරාවෘත්තයක් ජීවිතයෙන් සමුගනී.. රසිකයින්ගේ සිත් සසල කළ ඒ පුවත මෙන්න..
Next articleසිහිනෙන් අනියම් බිරිඳ ගැන කියවූ සැමියාට වැඩ වරදී.. සිද්ධිය මොකක් වුණත් බිරිඳ මව්පියන් හා එක්ව විවාහය ගැන අවසන් තීන්දුව ගනී..?
error: Content is protected !!
Verified by MonsterInsights