Home දේශිය පුවත් අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන්න… රෝගාතුර වී සිටින නිලි රැජින ගැන ඇසෙන අලුත්ම...

අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන්න… රෝගාතුර වී සිටින නිලි රැජින ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

0
371

නිලි රැජින සුව වෙමින් සිටින හෙයින් අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්න ………………….

අප ආදරණීය මාලිනී අක්කා, නැතහොත් හෙළ සිනමාවේ නිලි රැජිනිය අසනීප තත්වයෙන් පසුවන හෙයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සත්‍යයක් වන නමුත් ඇයට ඉතා අසාධ්‍ය බවත්, දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබමින් බොහෝ අවදානම්සහගත තත්වයක පසුවන බවටත් පැතිරෙන කටකතා හා සමාජ මාධ්‍ය සටහන් සියල්ල අමූලික බොරු බව පවසනු කැමැත්තෙමි.

ඇය මේ වන විටත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුවය ලබමින්, විවේක සුවයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන අතර, මේ මොහොතේ අප සැමගේ යුතුකම වන්නේ ඇයට මානසික සුවය හා විවේකය ලබාගැනීම වෙනුවෙන් ඇය බැලීමට නොගොස්, ඇයට ඇමතුම් නොදී කඩිනම් සුව ලැබීම උදෙසා ඇය වෙනුවෙන් අප අදහන ආගම් විශ්වාසයන් අනුව සෙත් සුවයම නිති සැලසේවායි ප්‍රාර්ථනා කිරීම පමණක් යැයි මා විශ්වාස කරමි.

එමෙන්ම මාලිනී අක්කා පිළිබඳ පුවත සමාජ මාධ්‍යයේ පළ වූ මොහොතේ පටන් ඇය ගැන මෙන්ම රවින්ද්‍ර රන්දෙණිය, වික්ටර් රත්නායක, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ හා ලතා වල්පොල වැනි ශ්‍රේෂ්ඨ කලාවේදීන් පිළිබඳව ද, ඔවුන් දැඩි සේ ගිලන්ව දැඩි සත්කාර ඒකකවල පසුවන බවට අසත්‍ය ප්‍රවෘත්ති මවන පහත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අප දැඩිව හෙලා දැකිය යුතු අතර’ම, කලබල වී සොයා නොබලා එම පුවත් සංසරණය කිරීමට ඉක්මන් නොවන ලෙස ද ඔබ සැමගෙන් ඉල්ලමි.

අප ඕනෑම කෙනෙකු වයස්ගත වන විට, නිතර නිතර ඇතැම් රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමක් හෙයින් එවැනි දේ මුල්කොට ගෙන රසිකයන් හා හිතවතුන් බියවද්දා, සමාජ මාධ්‍ය අවධානය හා ආකර්ෂණය ලබාගැනීමට යමෙකු සිතන්නේ නම් ඔහු හෝ ඇය තරම් නින්දිත ක්‍රියා සිදුකරන්නෙකු තවත් නැතැයි මා සිතමි. එනිසා ඕනෑම පුවතක් දුටු විට, එහි කියැවෙන කීර්තිමත් චරිතයට සබැඳි පවුලේ ඥාතියෙක්ගෙන් විමසනවා හෝ වගකිවයුතු කෙනෙක් ඒ පිළිබඳ දැනුම් දෙනතුරු ඉවසීම මෙවැනි තත්වයන් පාලනය කරගැනීමට මහත් සේ රුකුලක් වනු ඇතැයි විශ්වාස කරන්නෙමි.

ආදරණීය මාලිනී අක්කා ඉක්මන් සුව ලැබ නැවතත් හැකි විගස අප හමුවට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ඇයට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරන අතර, අනෙකුත් සියලුම ජේෂ්ඨ ප්‍රවීණ ශිල්ප ශිල්පිණියන් හට ද දීර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !!!

Previous articleරටක්ම බලා සිටි සංජානාගේ wedding එකේ අලුත්ම අලුත් නොදුටු දසුන් මෙන්න…
Next articleරටක් ආදරේ කරන රංජන් රාමනායක අපේ රංජාගේ ජීවිතේ සුන්දර දවසක් ගැන ඒ ඇසෙන කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights