Home දේශිය පුවත් නැවතත් ද. රු .ණු රෝගය හිස ඔසවයි.. පවතින කාළගුණය සැලකිල්ලට ගෙන...

නැවතත් ද. රු .ණු රෝගය හිස ඔසවයි.. පවතින කාළගුණය සැලකිල්ලට ගෙන ජිවිත ආරක්ෂාවට හැමෝම මේ උපදෙස් පිළිපදින්න…

0
132
අද දින පවතින වැසි සහිත කාලගුණයත් එක්ක රටේ හැමතැනම වගේ ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අද විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් ඩෙංගු මාරයාට බිලි වූ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතර අහිංසක කුඩා දරුවන් දෙදෙනෙකුද සිටීම ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්.

 

අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය අනාවරණය කළේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 27,754ක් හඳුනාගෙන ඇති බවයි.

 

විශේෂම දේ තමයි, මේ රෝගීන්ගෙන් 50%කට වඩා වැඩි පිරිසක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් වීම. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවත් වන ඔබ වෙනදාටත් වඩා අවධානයෙන් සිටීම ඉතාම වැදගත්.

 

වෛද්‍යවරුන් පවසන පරිදි රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ අවිධිමත් ලෙස පරිසරය පවත්වාගෙන යාමයි. වැසි වතුර එකතු වන ටින්, බෝතල්, ටයර් වගේම නිවෙස් අවට ඇති ජලය රැඳෙන ස්ථාන වහාම පිරිසිදු නොකළොත් මේ මාරාන්තික රෝගය ඔබේ නිවසටත් පැමිණිය හැකියි.

 

පොඩි උණක් ගත්තත් ඒක සාමාන්‍ය උණක් කියලා හිතලා නොසලකා හරින්න එපා. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගැන මේ දිනවල දැඩි අවධානයක් යොමු කරන්න කියලා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Previous articleවැඩ රාජකාරී දාහක් අස්සේ උනත් ඒ අහිංසක අම්මා කලවම් කරගත් Clinic බෙහෙත් ටික පිලිවෙලට බෝතල්වලට දාල උපකාර කළ රෝහල් සේවකුගේ උතුම් සේවය..
Next articleමෙරට ක්‍රීඩාවට විශාල සේවාවක් ඉටුකළ කීර්තිමත් චරිතයක් ජීවන ගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights