අද උදේම අම්මා කෙනෙක් එයාගේ මහත්තයාත් එක්ක clinic එකෙන් ඊයේ ගෙනාපු බේත් ටික අරගෙන ආවා.
ජාති දෙකක බේත් එකම බෝතලේකට කළවම් කරලා… ඔක්කොම අවුල් වෙලා.
අද clinic නැති දවසක්. අපිත් හෙටින් පටන් ගන්න සතියට වැඩ සූදානම් කරමින් හිටියේ.
බේත් පොත බලලා බොන විදිහ කියලා දුන්නා. “ප්‍රශ්නයක් නම් හෙට එන්න” කියලා කියන්නත් හිතුනා.
ඒත් තත්පරේකට මගේම අම්මා තාත්තා මතක් උනා…
ආයෙම බේත් ටික ඔක්කොම අරගෙන, අලුත් බෝතල් 5කට වෙන් කරලා, බේත් වල නම් සහ බොන විදිහ පැහැදිලිව ලියලා පිළිවෙලට හදලා දුන්නා.
ඒ අම්මා මගේ අත අල්ලගෙන පින් දුන්න විදිහ…
හිතට අමුතුම සතුටක් දැනුනා.
එයාගේ මහත්තයා “ගෙදර ගහෙන් අඹ කඩාගෙන හෙට එන්නම්” කියලාත් කිව්වා.
මම ඉතින් “අනේ එපා තාත්තේ” කියලා හිනා වෙලා කිව්වා.
අනේ ඔයාලගේ ගෙදර ඉන්න වැඩිහිටියෝ clinic එකෙන් බේත් අරන් ආවම ටිකක් බලලා දෙන්න.
බෝතල් වලට පිළිවෙලට දාලා, බොන විදිහ ලියලා දෙන්න.
වයසට යද්දී කල්පනාව අඩුවෙනවා.
නැත්නම් බේත් බොන්නේ වැරදියට.
රෝහලේ වැඩ කරන අපිට කවදාවත් හැමෝම හොඳ කියන්නේ නෑ.
ඒත් මෙහෙම මිනිස්සුන්ගේ ආශිර්වාද ලැබෙන එක… අපේ job එකේ ලොකුම වටිනාකම ❤️
— උපුටා ගැනීමකි —










